කුරුළෑ

**sසමහර අවස්තාවන් වල කුරුලෑ වල සංකූළතාවයක් ලෙස කැලැල් හට ගත හැක. ඕනෑම වර්ගයේ කුරුලෑ වර්ගයක් නිසා කැලැල් හට ගත හැකි නමුත් වඩාත් දරුණු වර්ගයේ (ගැටිත් සහ බිබිලි) පුපුරා ආසන්නයේ සමට හානි කළ හැක. කුරුලෑ මිරිකීම සහ ඇල්ලීම නිසා කැලලි හට ගත හැකි අතර එසේ නොකිරීමට වග බලා ගැනීම වැදගත් වේ.

කුරුලෑ කැලැල් සඳහා ප්‍රතිකාර

කුරුලෑ කැලැල් සඳහා ප්‍රතිකාර කිරීම රූපලාවණ්‍ය ශල්‍යකර්ම වර්ගයක් ලෙස සැලකේ. රූපලාවණ්‍ය ශල්‍යකර්මයක් වෙත යොමු වීමට ඔබ සැලසුම් කරන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා හමු වන්න. රූපලාවණ්‍ය ශල්‍යකර්ම පිළිබඳව යථාර්ථවාදී අපේක්ෂාවන් තබා ගැනීම වැදගත් වේ. මෙම ප්‍රතිකාරය මගින් ඔබගේ කැලැල් වල ස්වරූපය යම් තරමකට සුව කල හැකි වුවත් සම්පූර්ණයෙන්ම නැති කල නොහැක. කුරුලෑ කැලැල් සඳහා මෙම ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව බොහෝ පුද්ගලයන්ගේ පෙනුමේ 50-75% පමන ප්‍රමාණයක වර්ධනයක් දක්නට ලැබේ. කුරුලෑ කැලැල් සඳහා පහත ප්‍රතිකාර ක්‍රම යොදා ගැනේ: ඩර්මාබ්‍රේෂන්(dermabrasion) ඩර්මාබ්‍රේෂන් යනු ලේසර් හෝ විශේෂයෙන් සකසන ලද කම්බි බුරුසුවක් ආධාරයෙන් සමේ උඩ ස්ථරය ඉවත් කිරීමයි. මෙම ක්‍රියා පටිපායෙන් පසුව, ඔබගේ සම මාස කිහිපයක් යනතුරු රතු පැහැ සහ තරමක් වේදනාකාරී පෙනුමක් තිබෙන නමුත් එය සුව වනවාත් සමගම කැලැල් වල සුව වීමක් දක්නට ලැබිය යුතුය. ලේසර් ප්‍රතිකාර ඉතා සුළු මට්ටමේ සිට සාමාන්‍ය මට්ටමේ බරපතළ කුරුලෑ සඳහා ලේසර් ප්‍රතිකාර යොදාගත හැක. සබ්සිෂන්(subcision) සබ්සිෂන් යනු ශල්‍යකර්ම ප්‍රතිකාරයකි. සැත්කම අවස්ථාවේදී, කැලැල් සහිත පටක කොටසේ සමේ උඩ ස්ථරය ඉවත් කරනු ලබයි. මෙමගින් බලපෑමට ලක්වූ ප්‍රදේශයේ යට රුධිරය එකතු වීමට අවස්ථාව ලැබේ. මෙම ලේ කැටිය සම්භන්ධක පටක නිර්මාණයට උපකාරී වේ. මේ නිසා කැලලි සහිත පටක කොටස් ඉහලට තල්ලු වී උඩ සම් ස්ථරය මට්ටමට ගෙන ඒ. සබ්සිෂන් ප්‍රතිකාරය අවසාන වූ පසු, ලේසර් ප්‍රතිකාර සහ ඩර්මාබ්‍රේෂන් (dermabrasion)වැනි අමතර ප්‍රතිකාර භාවිතය මගින් සමේ තත්වය තවදුරටත් යහපත් තත්වයට ගෙන ඒමට හැක.

විෂාදය

කුරුලෑ නිසා සමහර විට දැඩි සාංකාව, මානසික ආතතිය වැනි හැඟීම් සංකලනයක්ද සමාජ ආශ්‍රයෙන් වෙන් වීමක්ද පුද්දගලයන් තුළ දක්ටන ලැබේ. කුරුලෑ නිසා විෂාදය තත්වයක් ඇතිවීමට බොහෝ කරුණු කාරණා වල එකතුවක් බලපෑ හැක. ඔබට ගිය මාසය තුළ බොහෝ විට මානසිකව පහල මට්ටමක්, දුක හැගීමක්, බලාපොරොත්තු රහිත බවක් හෝ සතුටක් දනවන දේවල් කිරීමේ උනන්දුව අඩුවීමක් දක්නට ලැබුනේ නම් ඔබට විෂාදය වැලදී තිබෙන්නට පුලුවන්. ඔබේ දරුවා විෂාදයෙන් පෙළෙන්නේ යැයි ඔබ අනුමාන කරනවා නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම වැදගත් වේ. විෂාදයේ ප්‍රතිකාර සඳහා පහත දේ ඇතුළත් වේ:

කුරුලෑ සඳහා උපකාර

කුරුලෑ පිලිබඳ ඉතා පුළුල් පරාසයක විහිදුන විස්තර නිළ නොවන බොහෝ වෙබ් අඩවි වල සහ බ්ලොග් අඩවි වල සදහන් වේ. කුරුලෑ සමග අනෙකුත් අයගේ ජීවිත අත්දැකීම් කියවීම ඔබට යම් ලෙසකින් උපකාරී විය හැක. උදාහරණයක් ලෙස talkhealth කුරුලෑ පිළිබඳව නොමිලේ තොරතුරු සහ සහය ලබා දෙන සමාජයකි. The Mix (නිළ වශයෙන් පුද්ගළයන් සඳහා සම්බන්ධ වන්න) යනු මානසික වශයෙන් සහ අනෙකුත් උපකාර අවශ්‍ය නව යොවුන් වියේ සහ තරුණවියේ පසුවන අයට උපකාර ලබා ගත හැකි වෙබ් අඩවියකි. රූපලාවණ්‍ය/මේකප් ප්‍රායෝගික ලෙස මුහුනේ ඇති කැලැල් වසා ගැනීම සඳහා මේකප් භාවිතය උපාකාරී වේ. කැමූෆ්ලේජ් (camouflage)මේකප් කැලැල් මකා ගැනීමට විශේෂයෙන්ම නිර්මාණය කර ඇති අතර ෆාමසි වලින් ලබා ගත හැක. එමෙන්ම ඔබගේ වෛද්‍යවරයාගෙන් ද ඔබට උපදෙස් ලබා ගත හැක.